Quantcast
Channel: Telradio
Viewing all articles
Browse latest Browse all 10

“මහසමයම”නෙළුම් පොකුණේ යාතු කර්මය

$
0
0

 

මහාචාර්ය ආරියරත්ත ඇතුගල ගේ ”මහසමයම” අතීත යෙන් අනාගතයට ගලා යන ගංගාවකි.

ගෝඨයිම්බර හා මහසෝනා අතර ඇති වූ ගැටුම ඔස්සේ මිනිස් සිතේ ප්‍රචණ්ඩ ස්වභාවය විමසන්නට ගන්නා උත්සාහයක් බව විචාරකයෝ පවසති.

 

මෙරට වේදිකා නාට්‍ය ඉතිහාසයේ අති දැවැන්ත නිර්මාණයකි .

 

ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, චන්න විජේවර්ධන, රවිබන්දු විද්‍යාපති, සඳුන් විජේසිරි, ඉන්දිකා උපමාලි, චතුරිකා පීරිස්, මාදනී මල්වත්ත, ජනක රණසිංහ, කුමාර තිරිමාදුර රංගනයෙන් දායක වෙති.

මහසමයම තුළ දැකිය හැකි විශේෂත්වයක් වන්නේ ඒ තුළ වෙස් මුහුණට දී ඇති ප්‍රමුඛත්වයයි. ජන සම්ප්‍රදායන් තුළ වෙස් මුහුණට ප්‍රමුඛස්ථානයක් ලැබුණද අද වන විට එම විශ්මිත නිර්මාණ සංචාරක ආකර්ෂණය සඳහා පමණක් භාවිත කරයි. නමුත් වඩා හොඳ නිර්මාණාත්මක භාවිතයක් ලෙස ඇතුගලයන් මහසමයම තුළ වෙස් මුහුණ යොදා ගනී. අතින් කැටයම් කරන ලද වර්ණාලංකෘත සම්ප්‍රදායික වෙස්මුහුණු 40ක් පමණ නාට්‍යයට භාවිත කෙරේ.


ලංකාවේ ප්‍රවීණතම නළු නිළි කැලක් එයට සිය ප්‍රතිභාපූර්ණ රංගන දායකත්වය සපයයි. ඒ අතර ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, චන්න විජේවර්ධන, රවිබන්දු විද්‍යාපති, සඳුන් විජේසිරි, ඉන්දිකා උපමාලි, චතුරිකා පීරිස්, මාදනී මල්වත්ත, ජනක රණසිංහ, කුමාර තිරිමාදුර යන කලාකරුවෝ ද වෙති.
යුධ, ගුවන් සහ නාවික හමුදා නර්තන කණ්ඩායම් මේ සඳහා නර්තන දායකත්වය සපයන අතර  300කට අධික පිරිසක් මේ දැවැන්ත ප්‍රසංගය සඳහා දායක වෙති වන අතර ලංකාවේ ප්‍රථම වරට එවැනි වූ විශාල පිරිසක් වේදිකා නිර්මාණයක් සඳහා එක්ව සිටිති.
ශාන්තිකර්ම කවි, සීගිරි ගී නාද රටා ඇතුළු තවත් බොහෝ සාම්ප්‍රදායික නාද රටා තුලින්  ත්‍රාසය, භීතිය, සෘංගාරය ආදී වූ රසයන් නිර්මාණය කෙරෙන අතර  රංග වස්ත්‍රාභරණ හා ඇඳුම් නිර්මාණයද සුවිශේෂී බව  මහාචාර්ය ඇතුගලයන් පවසයි.

 
Share on TwitterShare on TumblrSave on DeliciousDigg ThisSubmit to redditShare on MyspaceShare via email

Viewing all articles
Browse latest Browse all 10

Trending Articles